තුර්කි ජනපති ඇරැයුම ට්‍රම්ප් පිළිගනී



තුර්කියේ සංචාරයකට පැමිණෙන්නැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට කළ ඇරැයුම ජනාධිපති ට්‍රම්ප් පිළිගෙන ඇතැයි තුර්කි මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි මාධ්‍ය මේ බව වාර්තා කළේ තුර්කි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් අනුවය. ඇමෙරිකා ජනපති ට්‍රම්ප්, තුර්කියට පැමිණීමට නියමිතව ඇතැයි පැවැසෙන්නේ ලබන 2019 දීය. කෙසේ නමුත් පැමිණෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

සිරියානු අර්බුදයේ දී තුර්කිය පමණක් නොව ඇමෙරිකාව ද සහාය දක්වන්නේ සිරියාවේ විපක්ෂ දේශපාලන කන්ඩායම්වලටය. අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් ඇමෙරිකාවේත් තුර්කියේත් පොදු සතුරා බවට පත් වී ඇත.

සිරියා අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් දේශපාලන අර්බුද හේතුවෙන් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති එර්දොවාන් අතරේ පසුගිය කාලයේ මත ගැටුම් පැවැතියත් මේවනවිට එම ගැටුම් අවසන් වී ඇති බවත්, දෙදෙනා අතර සමීප මිතුදම් පැවැත්වෙන බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS