තුර්කි ඇමතිවරුන්ට සම්බාධක



තුර්කියේ අධිකරණ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ට අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබේ.

ඇමෙරිකානු පූජකවරයෙකු තුර්කියේ රඳවා තබාගැනීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බව ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස්  පවසා ඇත.

වසර දෙකක් පුරා තුර්කියේ ආගම ප්‍රචාරය කරමින් සිට ඇති බවට හා තුර්කියේ චෝදනා ලැබ සිටින දේශපාලන පක්ෂ වලට සම්බන්ධ බවට ප්‍රකාශ කරමින් අදාළ පූජකවරයා රඳවා තබාගන්නා බව තුර්කිය පවසා ඇත.

එම රඳවා ගැනීම අසාධාරණ බවට ඇමෙරිකාව පැවසුවද අදාළ පූජකවරයා නිදහස් කිරීම සිදුකළ නොහැකි බව තුර්කිය පවසයි.

ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් අදාළ අමාත්‍යවරුන් සතු අමෙරිකානු පාලනය යටතේ පවතින දේපළ අත්හිටුවා ඇති අතර ඔවුන්ගේ ආයතන සමඟ  ගනුදෙනු කිරීම අමෙරිකානු වැසියන්ට තහනම් කර තිබේ.

( තිළිණි ද සිල්වා )

ගාඩියන් ඇසුරෙනි.


RECOMMEND POSTS