තුර්කි අගමැතිට නවසීලන්තයෙන් දොස්



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ඔහුගේ මැතිවරණ රැළි හරහා ජනප්‍රිය වීමට, ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලිවලට කඩා වැදී වෙඩි තැබූ සුදු ජාතික අන්තවාදියාගේ වීඩියෝ දසුන් භාවිත කරනවා යැයි නවසීලන්ත රජය චෝදනා කරයි.

සුදු ජාතික අන්තවාදියා ක්‍රයිස්ට්චර්ච් නුවර බ්‍රැන්ටන් ටැරන්ට් මුස්ලිම් පල්ලිවලට කඩා වැදී වෙඩි තැබුවේ, ඔහු මුස්ලිම් විරෝධී අයකු නිසාය. නවසීලන්තයේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බවත් ඊට විරෝධය දක්වන බවත් තුර්කි ජනාධිපති එර්දොවාන් පවසා ඇත.

තුර්කි ජනාධිපතිවරයා ඒ බව ඔහුගේ මැතිවරණ රැළිවලදී පෙන්වීමට උත්සාහ ගන්නා බවත්, ප්‍රසිද්ධවීමට උත්සාහ ගන්නා බවත් නවසීලන්තය චෝදනා නගා ඇත.

ඉස්තාන්බුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS