තුනක් මියගොස් නවයකට තුවාල



ඕමානයේ ඇඩම් නගරයට ආසන්නයේදි සිදු වු බස්-ට්‍රක් රථ ගැටීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් නව දෙනෙකු තුවාල ලබා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පුද්ගලයින් 38 දෙනෙකු රැගෙන ඇඩම් නගරය බලා ධාවනය වෙමින් තිබු බස්රථයක් පුද්ගලයින් දෙදෙනෙකු රැගෙන ඉදිරියෙන් පැමිණි ට්‍රක්රථයක ගැටීම හේතුවෙන් අනතුර සිදු වු බව ඕමාන රාජකීය පොලීසියට අයත් ටුවිටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

යේමන ජාතිකයින් 39දෙනෙකු සහ එක් පකිස්ථාන ජාතිකයෙකු අනතුරුට මුහුණදී ඇති බව ඕමාන රාජකීය පොලීසිය නිවේදනයක් මඟින් සඳහන් කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS