තීරණය නින්දාසහගතයි



ඇමෙරිකාවට සහාය පළ කරමින්, ඇමෙරිකාව අනුගමනය කරමින්, ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගෙන, සිය තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරින් ජෙරුසිලමට මාරු කිරීමට ගෞතමාලා රාජ්‍යය ගත් තීරණය නින්දාසහගත යැයි පලස්තීන පාලන අධිකාරිය කියයි.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසුම පැවැත්වූ අවස්ථාවේදී ද ඇමෙරිකාවට සහාය පළ කරමින් ඡන්දය දුන් රාජ්‍යයක් වන්නේ ද ලතින් ඇමෙරිකාවට අයත් ගෞතමාලා රාජ්‍ය්‍යයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS