තීරණය ගැන පැහැදීමක් නෑ - තුර්කි ජනපති



සංක්‍රමණික නොවන තුර්කි වැසියන් වෙනුවෙන් වීසා නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට තුර්කියේ සිටින ඇමෙරිකා බලධාරීක් තීරණය කර ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් තමාගේ කිසිදු පැහැදීමක් නොමැති බව තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් කියයි.

තුර්කි ජනාධිපති මේ වනවිට යුක්රේන සංචාරයකට ගොස් සිටී. ඔහු මේ බව මාධ්‍ය හමුවේ කියා සිටියේ යුක්රේනයේ කීව් නුවරදී, යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරෂෙන්කෝ හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

තුර්කියේ ඇමෙරිකා තානාපති කාර්යාලය මෙසේ වීසා ලබා දීම ප්‍රතික්ෂේප කළේ තුර්කි ආරක්ෂක අංශ එරට අන්කාරා නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට සම්බන්ධ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය පෑමක් විදියටය.

එම නිලධාරියා තුර්කි රජයට එරෙහිව කටයුතු කරන ආගමික නායක ෆෙටුල්ලා ගුලේන් සමඟ සමීප සම්බන්ධකම් පවත්වන බව තුර්කි ආරක්ෂක අංශ පවසා ඇත. තුර්කියෙන් පිටුවහල් වී ෆෙටුල්ලා ගුලේන් ජීවත් වන්නේ ඇමෙරිකාවේය.

පසුගිය වසරේ තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් බලයෙන් නෙරපා දැමීමේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. කෙසේ නමුත් එය අසාර්ථක විය. එම කුමන්ත්‍රණය පසුපස ආගමික නායක ෆෙටුල්ලා ගුලේන් සිටිනවා යැයි තුර්කි රජය චෝදනා කරයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS