තීරණ ගන්න ඇමෙරිකාවට බෑ



මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ධවල මන්දිරයට තීන්දු තීරණ ගැනීම කළ නොහැකි යැයි ඉරාන ජනාධිපති කියයි.

ඉරාන ජනාධිපති හසන් රොව්හානි මෙසේ කියා සිටියේ, ඇමෙරිකාවේ ධවල මන්දිරයට පැමිණි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක් වී, ඉරානය සමඟ ලෝක බලවතුන් ඇති කරගත් න්‍යෂ්ටික වැඩසටහන සංශෝධනය කිරීමට උත්සාහ ගැනීම හේතුවෙනි.

ඇමෙරිකාව දිගින් දිගටම මැදපෙරදිග කලාපීය රටවලට බලපෑම් කරන බවත් එයින් සිදුවන්නේ අර්බුද නිර්මාණය වීම බවත් ඉරාන ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS