තාවකාලික වීසා නිකුත් කරයි



තාවකාලික වීසා නිකුත් කිරී‍මේ අධ්‍යයන කටයුතු අවසන් අදියරේ පවතින බව සෞදි කම්කරු අමාත්‍යාංශය පවසයි.

මාස හයක තාවකාලික වීසා බලපත්‍රයක් ලබාදීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන අතර ලබාදෙන වීසා බලපත්‍රය මගින් රජයේ ආයතන, කර්මාන්තශාලා, කෘෂිකාර්මික ආයතන හෝ වෙනත් රැකියා ආයතනවල රැකියා කිරීමට අවස්ථාව ලැබෙන බවසෞදි කම්කරු අමාත්‍යාංශයේ හජ් සහ තාවකාලික වීසා කටයුතු පිළිබඳ කළමණාකරු, රෂීඩ් අල්-ඔටෙයිබි ප්‍රකාශ කළේ ය.

අවශ්‍ය වීසා බලපත්‍ර වර්ගය පුද්ගල හෝ වානිජ විය යුතු බවටත්, දහදෙනෙකුට වඩා වැඩි විය යුතු බවටත්, විවිධ ජාතීන් ඇතුළත් විය යුතු බවට සඳහන් කරමින් සෞදි රජය මීට පෙර නියෝගයක් නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS