තානාපති කාර්යාලයෙන් උපදෙසක්



ආමේනියානු රජයට විරුද්ධව අගනුවර ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් දින කීපයක් යන තුරු ආමේනියාවේ සංචාරය නොකරන ලෙසත් හැකිතාත් තමන් රැදි සිටින නිවාසවල රැදී සිටින ලෙස එරට සිටින ඕමාන ජාතිකයන්ට නිවේදනයක් නිකුත් කරමින් මොස්කව් නුවර පිහිටි ඕමාන් තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

විස්තර දැනගැනීමට අවශ්‍ය නම් +3741521353 හෝ +37460750515 යන දුරකථන අංකවලට දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස තානාපති කාර්යාලය ඕමාන ජාතිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS