තානාපති කාර්යාලයට වෙඩි තියලා



තුර්කියේ අන්කාරා නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයට නානඳුනන පුද්ගලයන් පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෝටර් රථයකින් පැමිණි පිරිස වෙඩි තබා පලා ගියේ යැයි පැවැසෙයි. වෙඩි තැබීම සිදුවී ඇත්තේ පාන්දර 5 ට පමණය.

වෙඩි තැබීමෙන් කිසිවකුවටත් අනතුරක් සිදු නොවිණි. හජ් උත්සවය නිමිත්තෙන් මෙම සතියේ තානාපති කාර්යාලය වසා දමා ඇති බව ද වාර්තා වේ. ඇමෙරිකාව සහ තුර්කිය අතර මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර, මෙම වෙඩි තැබීමේ සිදුවීම මුල්කොට ගනිමින් එම තත්ත්වය උත්සන්න වීමේ අවදානමක් ඇති බවට බියක් හටගෙන තිබේ.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS