තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක්



ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට කලහකාරීහු පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කළහ.

කලහකාරීහු තානාපති කාර්යාලය ඉදිරියට පැමිණ ගල් ගසමින් තානාපති කාර්යල ගොඩනැගිල්ලට හානි සිදු කළේ යැයි පැවැසෙයි.

ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඉරාකයේ ඉරාන විරෝධී කුර්දි ත‍්‍රස්තවාදීන්ට හිතවත් ප‍්‍රංශයේ ජීවත්වන ඉරාක වැසියන් යැයි සැක කෙරේ.
ඉරාන හමුදා කුර්දිස්තාන පළාතේ ඉරාක කුර්දි ත‍්‍රස්තවාදී සංවිධාන ඉලක්ක කර ගනිමින් පසුගිය දා මිසයිල ප‍්‍රහාර එල්ල කළේය.

එම මිසයිල ප‍්‍රහාර සම්බන්ධයෙන් ඊට විරෝධය දැක්වීමක් ලෙස පැරිස් නුවර ඉරාන තානාපති කාර්යාලයට පහර දෙන්න ඇතැයි ද අනුමාන කෙරේ.

ප‍්‍රහාරයෙන් පසු තානාපති කාර්යාලයේ ආරක්ෂාව වැඩි කිරීමට ප‍්‍රංශ රජය පියවර ගෙන ඇත. එල්ල වුණු ගල් ප‍්‍රහාරයෙන් ප‍්‍රංශ තානාපති කාර්යාලයේ කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS