තානාපති කාර්යාලය වසන්නැයි බල කරේ



ජෝර්දානයේ අම්මාන් නුවර පිහිටුවා ඇති ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දමන්නැයි බල කරමින් දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.

තානාපති කාර්යාලය වසා දමා තෙල් අවීව් පාලනය සමඟ 1994 වසරේ සිට ඇති කරගත් සාම ගිවිසුම අවලංගු කරන්නැයි ද විරෝධතාකරුවෝ ජෝර්දාන රජයට බල කළහ.

විරෝධතාවට හේතු වූයේ පසුගිය දා අම්මාන් නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලට ඉදිරිපිට සිදුවුණු මාරක වෙඩි තැබීමේ සිදුවීමය.

මේ අතර එම වෙඩි තැබීමට සම්බන්ධ වුණු ඊශ්‍රායල ආරක්ෂක අංශ නිධාරියාට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට ජෝර්දාන රජය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS