තානාපති කාර්යාලය නැගෙනහිර ජෙරුසලමේ



තම තානාපති කාර්යාලය පලස්තීනුවන්ගේ පාලනය යටතේ පවතින නැගෙනහිර ජෙරුසලමේ පිහිටුවනවා යැයි තුර්කිය කියයි.

තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් මේ බව කියා සිටියේ ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමිනි.

ට්‍රම්ප් ගත් තීරණයත් අනුව මේ වනවිට මැදපෙරදිග නව  අර්බුද රැසක් නිර්මාණය වී ඇත.

තුර්කි ජනාධිපති පමණක් නොව, සෙසු මුස්ලිම් රටවල නායකයන්ගේ ද අදහස වී ඇත්තේ ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නේ නම්, නැගෙනහිර ජෙරුසලම පලස්තීනුවන්ගේ අගනුවර ලෙස පිළිගත යුතු බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS