තානාපති කාර්යාලය අනතුරු අඟවයි



නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පරීෂාකාරීව සිටින ලෙස කැන්බරා නුවර කුවේට් තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත.

පසුගිය දින කිහිපය තුළ නැගෙනහිර ක්වීන්ස්ලන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ලැව්ගිනි 160 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත්, ලැව්ගිනි නිවාදැමීමට ඕස්ට්‍රේලියානු බලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

හදිසි තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් (+61)(0)457-407-677 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කුවේට් ජාතිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ප්‍රාන්ත ගණනාවකට බලපා ඇති වියළි කාලගුණය සහ තද සුලං හේතුවෙන් ලැව්ගිනි වේගයෙන් පැතිරී යන අතර, ලැව්ගින හේතුවෙන් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදුවී ඇති අතර,දහස් ගණනක් ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන්ට සිදු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කැන්බරා නුවර)

RECOMMEND POSTS