ත්‍රිමාන තාක්ෂණයෙන් අත් පා



යුද ගැටුම් හේතුවෙන් අත් පා අහිමි වුණු වැසියන් වෙනුවෙන් විශේෂ රෝහලක් ජොර්දානයේ අම්මාන් අගනුවර පිහිටුවා ඇති අතර, එහිදී ත්‍රිමාණ තාක්ෂණය යොදා ගනිමින් අත් පා අහිමි වූවන්ට කෘත්‍රිම අත්පා සකස් කර දීම සිදු වෙයි.

ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය වන මෙම අත් පා ඒවා අහිමි තැනැත්තාට සියයට සියයක් හොඳින් ගැලපෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති. රාජ්‍ය නොවන සංවිධාන රැසක් සම්බන්ධ වී මෙම රෝහල පවත්වාගෙන යෑමට සහාය දක්වන බව ද පැවැසෙයි.

ගාසා තීරයේ, ඉරාකයේ, සිරියාවේ සහ යේමනයේ ගැටුම් හේතුවෙන් අත් පා අහිමි වූ වැසියන් රැසකට දැනටමත් මෙම රෝහලෙන් පිහිට ලැබී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS