ත්‍රස්තවාදීහු 26 ක් කොටුවෙති



සෞදි අරාබියේ ත්‍රස්තවාදී කටයුතුවල නිරත වු පුද්ගලයන් විසි හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සෞදි ජාතිකයන් 14, යේමන ජාතිකයන් 5ක්, සිරියානු ජාතිකයන් දෙදෙනෙක්, ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්, පකිස්ථාන ජාතිකයෙක්, පිලිපීන ජාතිකයෙක් සහ ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට ගත් පිරිස වේ.

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS