ත්රස්තවාදීන්ට සහාය දෙනවා: ඇන්ජෙලා මාකෙල්ට චෝදනා
ත්රස්තවාදීන්ට සහාය දෙනවැයි ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්ට තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගෙන් චෝදනා කරයි.
තුර්කි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අල් හබර් රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ජර්මනියේ සිටින ත්රස්තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් තුර්කි බුද්ධි අංශ ජර්මන් රජයට සහ ආරක්ෂක අංශවලට ලබා දුන් සවිස්තරාත්මක විස්තර වාර්තාවක් ජර්මන් චාන්සල්වරිය නොසලකා හැරීම ඊට හේතු වී ඇත.
(රොයිටර්)