ත්‍රස්තවාදීන්ගේ බැංකු ගිණුම් අවලංගු කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුල ක්‍රියාත්මක වන බැංකු සහ මුල්‍යායතනයන් තුල පවත්වා ගෙන යනු ලබනත්‍රස්තවාදීන්ගේ සහ ත්‍රස්තවාදී සංවිධානයන්ට අයත් බැංකු ගිණුම්, බැංකු තැම්පතු සහ ආයෝජනයන් සොයා ඒවා අත්හිටුවීමට එමිරේට්ස් මහ බැංකුව චක්‍රෙල්ඛනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.    

පුද්ගලයින් 59 දෙනෙකු සහ සංවිධාන 12ක් ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇති 18/2017 දරණ එමිරේට්ස් ගැසට් යෝජනාවට අනුව අදාල බැංකු ගිණුම් තහනම් කිරීමට පියවර ගන්නා බව එමිරේට්ස් මහ බැංකුව ප්‍රකාශ කළේය. 

කටාර් ඉස්ලාමීය බැංකුව, කටාර් ජාත්‍යන්තර ඉස්ලාමීය බැංකුව, බාවා බැංකුව, මිස්රාෆ් අල්-රයන් බැංකුව කටාර් ජාතික බැංකුව සහ දෝහා බැංකුවයන කටාර් රාජ්‍යයට අයත් බැංකු කීපයක ත්‍රස්තවාදීන්ට අයත් බැංකු ගිණුම් පවත්වා ගෙන යන බව තහවුරු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS