ත්‍රස්තවාදය පිටුදකින්න ඇෆ්ගන් රජයට ඉරානයේ සහාය



ඇෆ්ගනිස්තානයේ පසුගිය දා සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන පාර්ලිමේන්තු කථානායක අලී ලරිජානී පවසා ඇත්තේ, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී, ඇෆ්ගනිස්තානයට ඉරානයේ සහාය නොඅඩුව ලැබෙන බවය.

පසුගිය බදාදා කාබුල් අගනුවර සිදුවුණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන මේ වනවිට 100 ඉක්මවා ඇති අතර, තුවාල ලැබූ ගණන 400 කට වැඩිය. ඇෆ්ගනිස්තානයේ සිදුවුණු දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙය යැයි ද පැවැසෙයි.

ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඉරාන රජය වෙනුවෙන් ඇෆ්ගන් රජයට සොව බළ කිරීමට ද කථානායකවරයා අමතක නොකළේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS