ත්‍රස්තයෝ දෙදෙනෙක් මරුට: 4 ක් අත්අඩංගුවේ



සෞදි රාජ්‍යයේ කටීෆ් නගරයේ උතුරුදිග අල්-අවාමියා ප්‍රදේශයේ පිහිටි ගොවිපොලකදී සෞදි ආරක්ෂක අංශ නිලධාරින් සහ ත්‍රස්තවාදීන් අතර සිදුවූ ගැටුමකින් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ත්‍රස්තවාදීන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්-රියාද් පුවත්පත වාර්තා කලේය.

ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයෙන් මියගිය මෙහොමඩ් ටහෙර් මොහොමඩ් අල්-නිම්ර් සහ මොක්ඩඩ් මොහොමඩ් හසන් අල්-නිම්ර් යන දෙදෙනා ත්‍රස්තවාදි ප්‍රහාරයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයින් දෙදෙනෙකු බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කලේය. 

ප්‍රහාරය සිදුව අවස්ථාවේදි ආරක්ෂක අංශ නිළධාරීන් අනිත් ත්‍රස්තවාදීන් හතරදෙනා අල්ලාගැනීමට සමත්වු බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.

ගැටුමෙන් පසු ත්‍රස්තවාදීන් සතුව තිබී ගිනිගන්නා සුළු අම්ල ගැලුම් 130ක්, බෝම්බ සැදීම සදහා යොදාගන්නා අමු ද්‍රව්‍ය, පොටැසියම් රසායනිකය පුරවන ලද ගැලුමක්, මැෂින්ගන් තුවක්කු සදහා භාවිතා කරන මැගසීන් තුනක්, ජීව උණ්ඩ 71ක් සහ කළු වෙස්මුණක් රාජසන්තක කල බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කලේය. 

ආරක්ෂක අංශ නිලධාරින් සහ ත්‍රස්තවාදීන් අතර සිදුවූ ගැටුමෙන් ආරක්ෂක අංශ නිලධාරීන්ට හෝ සාමාන්‍ය වැසියන්ට තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.  

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS