ත්‍රස්තයෝ 150 ක් එල්ලා මරා දැමෙති



ඉරාක සටන් බිමේදී ජීවග්‍රහයෙන් අල්ලා ගත් අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් 150 දෙනකු එල්ලා මරා දැමීමට ඉරාක රජය කටයුතු කළේය.

ඉරාක රජයේ හමුදා විසින් මෙම ත්‍රස්තවාදීන් අල්ලා ගෙන ඇත්තේ මොසූල් නුවර මුදා ගැනීමට කළ සටන්වලදීය. මොසූල් යනු ඉරාකයේ දෙවැනි විශාලතම නගරයයි. මොසූල් පිහිටා ඇත්තේ ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සිට කිලෝ මීටර් 400 න් පමණ දුරිනි.

අත්අඩංගුවට ගත් දයේෂ් ත්‍රස්තවාදීන් ඉස්ලාමීය අධිකරණයක් හමුවට යොමු කෙරුණු අතර, මරණ දඬුවම නියම කෙරුණේ එම අධිකරණයයි.
මරණ දඬුවම හිමිවුණු පිරිස අතරේ, යුරෝපා රටවලින් සිරියාව හරහා ඉරාකයට පැමිණ අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් සමඟ එක්වුණු තරුණයන් ද සිටි බව වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS