ත්‍රස්තයින්ට සෞදි බුද්ධි අංශ සහය



මොසූල් නුවර අත්පත් කර ගෙන සිටි අයි.එස්. හෙවත් තක්ෆීරි දයේෂ් ත්‍රස්තවාදීන්ට සෞදි අරාබි බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය හිමිවී ඇතැයි ඉරාක රජයේ වාර්තා උපුටා දක්වමින් ලෙබනන් පුවත් සේවා වාර්තා කරයි.

ඉරාක රජය මේ බව අනාවරණය කර ගෙන ඇත්තේ මොසූල් නුවර, ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන, එය යළි ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමෙන් පසුවය.

ජීවග්‍රහයෙන් අල්ලා ගත්ත්‍රස්තවාදීන්ගෙන් තොරතුරු ලබා ගැනීම මේ වනවිට සිදුවෙන බව ද ඉරාක ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වන්නේ මොසූල්ය. මොසූල් මුදා ගැනීම සිදු වූයේ මීට දින කිහිපයකට පෙරය.

ඉරාක රජයේ හමුදා සහ රජයේ හමුදාවට සහාය දක්වන කුර්දි ආදී සන්නද්ධ කල්ලිවලට එරෙහිව ත්‍රස්තයන් ප්‍රහාර සඳහා මෙහෙයවා ඇත්තේ සෞදි බුද්ධි අංශ නිලධාරීන් යැයි පැවැසෙයි.

ත්‍රස්තයන්ට සහාය ලබා දෙමින් සෞදි බුද්ධි අංශ නිලධාරීන් 150 ක පිරිසක් පසුගිය කාලයේ මොසූල් නුවර රැඳීසිට ඇතැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS