ත්‍රස්තයින් 20ක් බහරේන ආරක්ෂක අංශ අත්අඩංගුවේ !



බහරේනය තුළ විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම් වල නියැලුණු ත්‍රස්තවාදින් විසිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්‍රස්තවාදීන් අතර කාන්තාවන් සිව් දෙනෙකු සිටින බව ද සඳහන්ය.ඉකුත්  ජනවාරි මාසයේ එරට ත්‍රස්ත ක්‍රියාවල නිරතවීමේ චෝදනා වලට වරදකරුවන් සිරදඩුවම් විඳමින් සිටියදී සිරෙන් පලා ගිය පිරිසක්ද මේ පිරිස අතර වෙති.

එසේම අත්අඩංගුව පත්වූ ත්‍රස්ත සැකකරුවන් ගෙන් තවත් 8 දෙනෙකු ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉරානයේ සහ ඉරාකයේ පුහුණුවීම ලැබූවන බව පැවසෙති.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS