ත්‍රස්තයන්ට එරෙහි සටනට බාධාවක්



ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදවට උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමින්, සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල්, තම රටට එරෙහිව පනවා ඇති තහංචි සහ සම්බාධක අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ සටනට බාධාවක් බව කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පෙන්වා දෙයි.

කටාර් විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ, මාධ්‍ය හමුවකට එක්වුණු කටාර් රාජ්‍යයට තහංචි සහ සම්බාධක පැනැවූ සෙසු ගල්ෆ් කලාපීය රටවල් වන්නේ බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුවය.
මෙම රටවල් කටාරයට චෝදනා එල්ල කළත්, සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී තමන්ට බුද්ධි තොරතුරු ලබා දෙමින් සහාය දෙන්නේ කටාරය බව ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසා ඇත.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS