ත්‍රස්තයන්ට එරෙහි එකමුතුවක්



ඊජිප්තුව ඊශ්‍රායලයේ ද සහාය ඇතිව සිනායි අර්ධද්වීපයේ මුස්ලම් අන්තවාදී සන්නද්ධ කල්ලිවලට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත.

මේ බව අනාවරණය කරනු ලැබ ඇත්තේ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් අල් සීසී විසිනි. ඒ, ඇමෙරිකාවේ සී.බී.එස්. නාළිකාවේ ‘60 මිනිට්ස්’ දේශපාලන සන්වාදාත්මක වැඩසටහනට එක් වෙමිනි.

කෙසේ නමුත් එම හමුදා මෙහෙයුම් සිදුවන්නේ ඉතා රහසිගතව බැවින් එම ‘60 මිනිට්ස්’ වැඩසටහන විකාශය නොකරන්නැයි ඊජිප්තු රජය ඇමෙරිකාවේ ඊජිප්තු තානාපති මගින් සී.බී.එස්. නාළිකාවට දන්වා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS