ත්‍රස්තයන්ට උදව් කර හිරේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ගල්ෆ් ජාතිකයෙක් ත්‍රස්තවාදීන්ට උදව් කිරීම හේතුවෙන් නීති මඟීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

සිරියාවේ අල්-නුස්රා පෙරමුණ සහ අල්-කයිඩා යන ත්‍රස්ත සංවිධාන දෙකකට මුදල් ලබාදී ඇති බවටඑමිරේට්ස් රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරිය සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය කරගැනීමට හැකි වී ඇත.

ත‍්‍රස්ත අපරාධ මර්දනය කිරීම පිළිබඳ2014 අංක 7 දරණ ෆෙඩරල් නීතිය යටතේ ගල්ෆ් ජාතිකයා වැරදිකරු කරමින් වසර 15ක සිරදඩුවමක් නියම කිරීමට ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS