ත්‍රස්ත ප්‍රහාරයෙන් සෙබළු 34 ක් මරුට



සිරියාවේ නැගෙනහිර රකා පළාතේ ක්‍රියාන්විත වල නිරත වී සිටින සිරියානු සහ මිත්‍ර හමුදාවන්ට එරෙහිව අයි.එස් ත්‍රස්තවාදීන් විසින් පසුගිය දා එල්ල කරන ලද ප්‍රති-ප්‍රහාරයන් හේතුවෙන් සිරියානු හමුදා භටයින් ඇතුළුව මිත්‍ර හමුදා භටයින් 34ක් මියගිය බව යුද නිරීක්ෂකයින් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම රකා පළාතේ විශාල ප්‍රදේශයක් සිරියානු හමුදාවන්ගෙන් නැවත අත්පත් කර ගත් බව මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂකයින් සහ බ්‍රිතාන්‍ය පදනම් කර ගත් යුද නිරීක්ෂකයින් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

සිරියානු හමුදාව රකා පළාත හරහා ඩියර් අල්-සොර් නගරයට පිවිසීමට උත්සහ දරන අතර 2015 සිට ජිහාඩ් ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රදේශයේ සිට සිරියානු හමුදාවන්ට සහ සාමාන්‍ය වැසියන්ට ප්‍රහාරයන් එල්ල කරමින් සිටින බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS