ත්‍රස්ත ප්‍රහාරයෙන් 4ක් මරුට



සිරියාවේ බටහිර ඇලෙප්පෝවේ පිහිටා ඇති අල්-අක්‍රමියා ප්‍රදේශයට පසුගියදා ත්‍රස්තවාදීන් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයන් තුනක් හේතුවෙන් සාමාන්‍ය වැසියන් 4දෙනෙකු මියගොස් 17දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය. 

ප්‍රහාරයෙන් මියගිය සාමාන්‍ය වැසියන් හතර දෙනා අතර කුඩා ගැහැණු ළමයකු සිටින බවත් සාමාන්‍ය වැසියන්ට අයත් දේපළ වලට හානි සිදු වී ඇති බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකරු ප්‍රකාශ කළ බව එම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS