ත්‍රස්ත ඉලක්කවලට ඉරාක ගුවන් ප්‍රහාර



සිරියාවේ ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ඉරාකය ගුවන් ප්‍රහාර එල්ල කරන බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

ඉරාක ගුවන් හමුදාව පහර දී ඇත්තේ ඉරාක සිරියානු දේශසීමාවේ හඳුනාගත් ඉලක්ක වෙත යැයි ඉරාක අගමැති හයිදර් අල් අබාදි පවසයි. ඉරාක ගුවන් හමුදාව ඔවුන්ට අයත් එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානා ප්‍රහාරය සඳහා යොදා ගත් බව ද වාර්තා වේ.

මේ අතර සිරියාවේ ඩමැස්කස් අගනුවරට දකුණු දෙසින් පිහිටා ඇති පළාත් කිහිපයක් තවත් අල්ලා ගෙන සිටින අයි.එස්. ත්‍රස්තවාදීන්ට සිරියානු රජය පැය 48 ක කාලයක් ලබා දෙමින් පවසා ඇත්තේ වහාම එම පළාත් අතහැර යන ලෙසටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS