ත්‍රස්ත අරමුදල් වලට එරෙහිව විරෝධතා



ඔස්ට්‍රියාවේ වියානා නුවරට රැස්වු ක්‍රියාකාරීන් පිරිසක්ලෝක ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම කටාර් රාජ්‍යය නතර කළ යුතු යැයි සටන් පාඨ කියමින් වියානා නුවර පිහිටා ඇති කටාර් තානාපති කාර්යාල ඉදිරිපිටදි ඊයේ (ජුනි30) විරෝධතාවයක නිරිත වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

කටාර් රාජ්‍යය සෑම ආකාරයකින්ම ත්‍රස්තවාදීන්ට උපකාර කරන බවත් අන්තවාදීන් පෝෂණය කරන බවත්, විවිධ ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් වල ඇති බහුත්වවාදි සහ ඉවසීමේ ගුණයන්ට එරෙහිව ක්‍රියාකරන බවත් මානව හිමිකම් සඳහා වන විශ්ව ප්‍රකාශනය උල්ලංඝනය කරන බව විරෝධතාකරුවන් ප්‍රකාශ කර ඇත.

ත්‍රස්තවාදය සහ අන්තවාදය තුලින් සමාජයට සිදුවන බලපෑම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනිකුත්  ජාත්‍යන්තර සංවිධානයන් වල අවධානය යොමු කිරීමටත් ජාත්‍යන්තර ක්‍රියාකාරකම් සංවිධානය කිරීම වර්ධනය කිරීම සඳහා විරෝධතාවයේ අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS