තහනම තවදුරටත් දීර්ඝ කරයි



ඕමානයේ විදේශ ශ්‍රමිකයන් සේවයට බඳවා ගැනීමේ තාවකාලික තහනම තවදුරටත් දීර්ඝ කරයි.

වෘත්තීන් කීපයකට බලපාන පරිදි තාවකාලික තහනමක් පනවා ඇති අතර මාස හයකට වතාවක් තහනම දීර්ඝ කිරීමට මිනිස් බල අමාත්‍යාංශය කටයුතු කරයි.

වැඩි රැකියා අවස්ථවන් ප්‍රමාණයක් ඕමාන ජාතිකයන්ට ලබා දීමේ අරමුණින් අදාල තවකාලික තහනම පනවා ඇත.

තොරතුරු පද්ධති, ගිණුම්කරණය හා මූල්‍ය, අලෙවිකරණය, පරිපාලනය,මානව සම්පත්,රක්ෂණ,මාධ්‍ය, වෛද්‍ය,ගුවන්තොටුපළ, තාක්ෂණික හා ඉංජිනේරු යන අංශයවලට බලපාන පරිදි තාවකාලික තහනම පනවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS