තහනම ඉවතට



කුකුළු නිෂ්පාද ආනයනය කිරීම වලක්වාලමින් ඕමාන් කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශය රටවල් තුනකට පනවා තිබු තාවකාලික තහනම ඉවත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී තිබු උපදෙස්වලට අනුව බෙල්ජියම, වියට්නාමය, පිලිපීනය යන රටවල්වලට අදාල තහනම පැනවීමට අමාත්‍යාංශය කටයුතු කළේය.

සියළුම කුකුළුන් ආශ්‍රීත නිෂ්පාදන අදාල රටවල්වලින් ආනයනය කිරීමට අවසර ලබාදෙන බව අමාත්‍ය, ෆවුඩ් බින් ජෆාර් බින් මොහාමඩ් අල්-සජ්වානි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS