තහනම ඉවතට



කුවේට් රාජ්‍යයට ශ්‍රමිකයන් යැවීම තහනම් කරමින්පිලිපීන රජය පනවා තිබු තහනම ඉවත් කිරීමට පිලිපීන ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව කුවේට් ටයම්ස් පුවත්පත වාර්තා කළේය.

කුවේට් නියෝජිතයන් අතර  මාසයක ආසන්න කාලයක් පැවති සාකච්ඡා වට කීපයකින් අනතුරුව පිලිපීන ශ්‍රමිකයන්ගේ ආරක්ෂා සහතික කරන බවට කුවේට් නියෝජිතයන් අතර ඇති කරගන්නා ලද එකඟතවයන් මත තහනම ඉවත් කිරීමට පිලිපීන ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව පුවත්පතේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS