තවදුරටත් ගුවන්ගමන් අවලංගුයි



2020 වසර තුල ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවන බව ඕමාන් ගුවන් සමාගම නිවේදනය කර ඇත.

බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන්යානාපරීක්ෂා කිරීමට සිදුවීම හේතුවෙන් 2019 මාර්තු මාසයේ සිට ගුවන්ගමන් නතර කිරීමට සිදු වු බව ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

මුම්බායි,කොකෝඩි,හයිද්‍රාබාද්,කට්මන්ඩු,කොළඹ,ඩුබායි,මෙඩිනා,සලාහ්,ජයපූර්,නයිරෝබි,අම්මාන්,ඇතන්ස්,ලක්නව්,කරච්චි,හයිද්‍රාබාද්,කැසබ්ලැන්කා,සැන්සිබාර්, ඩාර් එස් සලාම්,බහරේන්,සූරිච්,දිල්ලි,බැංකොක් සහ ඩම්මම්ඇතුළු නගර කිහිපයකට ජනවාරි 02 සිට 31 දක්වා ගුවන් ගමන් නතර කිරීමට සිදුවන බව ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන්යානාවලරැහැන් පද්ධතිය මේවනවිට පරීක්ෂා කරමින් සිටින බවටබෝයිං සහ එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළ බව ඕමාන් ඔබ්සර්වර් වෙබ් අඩවිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS