තවත් නගර 10 කට පියාසර කරයි



එමිරේට්ස් ගුවන් සමාගම ගුවන් මගීන් ප්‍රවාහනය කිරීම සදහා ගමනාන්ත දහයක් අලුතින් එක්කර ඇති බව වාර්තා වේ.

2020 ජුනි 20 සිට අදාල ගමනාන්ත 10ට ගුවන්යානා පියාසර කරන බව ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

එමිරේට්ස් ගුවන් සමාගම ඩුබායි නුවර හරහා ගමනාන්ත 40 කට ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ගමනාන්ත 10 සහ දිනයන්:

කොළඹ (ජූනි 20 සිට), සියල්කෝට් (ජූනි 24), ඉස්තාන්බුල් (ජූනි 25 සිට); ඕක්ලන්ඩ්, බේරූට්, බ්‍රසල්ස්, හැනෝයි සහ චි මිං නගරය (සියල්ල ජූලි 1 සිට); සහ බාර්සිලෝනා සහ වොෂිංටන් ඩීසී (සියල්ල ජූලි 15 සිට).

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS