තල්මසෙක් ගොඩගහලා



සෞදි අරාබියේ අසීර් පළාතේ අල්-කාමා වෙරළ තීරයට මියගිය විශාල ප්‍රමාණයේ තල්මසෙක් ගොඩගසා ඇති බව ජි.ඩි.එන් එන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වෙරළාරක්ෂක මුර සංචාරක නිලධාරීන් පිරිසක් මුලින්ම තල්මසාව දැක ඇති අතර සෞදි පරිසර, ජල හා කෘෂිකර්ම අමාත්‍යාංශය දන්වා ඇත.

තල්මසාගේ මරණයට හේතු වු කරුණු සෙවීම සඳහා විශේෂ කණ්ඩායමක් යැවීමට අමාත්‍යාංශය පියවර ගත්තේය.

තල්මසාගේ ඇටසැකිල්ල සංරක්ෂණය කර කෞතුකාගාරයක තැබීමට අමත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

වැඩුණු තල්මසෙකුගේ දිග මීටර්12-16ක් පමණ වන අතර මෙට්‍රික් ටොන් 25-30ක් බරින් යුක්ත වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS