තල් අෆාර් මුදා ගන්න සූදානම්



අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් සේ සැලකෙන ඉරාකයේ ‘තල් අෆාර්’ නගරය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව ඉරාක අගමැති හයිදර් අල් අබාදී කියා සිටී.

ඉරාක අගමැතිවරයා මේ බව කියා සිටියේ එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි. නගරය අල්ලා ගෙන සිටින අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තයන්ට ඔහු කියා සිටියේ නගරය අතහැර යන්න හෝ අවි බිම දමා යටත් වන ලෙසය.

යටත් නොවන හෝ නගරය දිගටම අත්පත් කරගෙන සටන් වැදීමට සූදානම් වන ත්‍රස්තවාදීන් සිටී නම්, ඔවුන්ට කිසිදු සමාවක් නොදෙන බවත්, ඔවුන් මරා දමන බවත් ඉරාක අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වූයේ මොසූල්ය. අයි.එස්. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවූයේ මොසූල් නුවර කේන්ද්‍ර කොට ගනිමිනි. කෙසේ නමුත් ත්‍රස්තවාදීන් පරාජය කර පන්නා දමා, මොසූල් යළි අත්පත් කර ගැනීමට ද ඉරාක රජයට හැකියාව ලැබුණි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS