තල් අෆාර් මුදා ගත්තා: ඉරාක අගමැති කියයි



තල් අෆාර් නුවර, අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන්ගෙන් මුළුමනින්ම මුදා ගැනීමට තම හමුදා සමත් වුණැයි ඉරාක අගමැති හයිදර් අල් අබාද් ජාතිය අමතමින් කියා සිටියේය.

තල් අෆාර් යනු උතුරු දිග ඉරාකයේ නගරයකි. එය වසර තුනක් තිස්සේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැතිණි. නගරය මුදා ගැනීම සඳහා සටන් ඇරැඹුණේ පසුගිය අගෝස්තු 20 වැනිදා සිටය.

තල් අෆාර් නගරය පිහිටා ඇත්තේ නිනේව් පළාතේය. එම පළාත ද මේ වනවිට ඇත්තේ ඉරාක හමුදාව සතුව යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS