තල් අෆාර් ත්‍රස්තයන්ට දරුණු ප්‍රහාරයක්



ඉරාකයේ තල් අෆාර් නුවර අල්ලා ගෙන සිටින අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්තවාදීන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට හැකිවුණැයි නගරය වටකොට පහර දීම් ආරම්භ කළ ඉරාක හමුදාව කියයි.

තල් අෆාර් යනු ඉරාක සිරියානු දේශසීමාවේ පිහිටි නගරයකි. පසුගිය මාස ගණනාව තිස්සේ මෙම නගරය ද අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවිය.

ඉරාක හමුදා මෙම නගරය වට කරමින් පහර දීම ආරම්භ කළේ මීට දින 5 කට පෙර යැයි ද පැවැසෙයි. ඒ, මොසූල් නුවර අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් සාර්ථකව මුදා ගැනීමෙන් ද පසුවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS