තමාගේ රුධිර විකුණු සෞඛ්‍ය නිලධාරියා අත්අඩංගුවට



කුවේට් රාජ්‍යයේ පිහිටි මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයක සේවය කල ආසියාතික පිරිමි හෙදියක් තමාගේ රුධිරය සාම්පල වෙනත් පුද්ගලයෙකුට අලවි කල බවට පොලීසියට ලැබුණු හේඩුවාවක් අනුව අදාල පුද්ගලයා සැකපිට  අත්අඩංගුවට ගෙන ඇති බව ජි.ඩි.එන්. ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

අවශ්‍ය නීතිමය කටයුතු කිරීම සදහා ඔහුව අදාල අංශ වෙත භාර දී ඇති අතර සියළු කරුණු ගොණු කරගැනීමෙන් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වෙබ් අඩවිය සදහන් කර ඇත.  

අධිකරණය හමුවේ අදාළ කරුණු ඔප්පු වුවහොත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගනු ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන්. ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS