තත්ත්වය පාලනය කරනවා



ඉරානයේ සහය ලබන හවුදි ගරිල්ලන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් රතු මුහුද ආශ්‍රීත මුහුදු කලාපයේ නාවික කටයුතුවලට බලපෑම් එල්ල වී  තිබෙන අතර එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බව එක්සත් ජනපද නාවික හමුදා අණදෙන නිලධාරි, වයිස් අද්මිරාල් ස්කොට් ස්ටේරි ප්‍රකාශ කළේය.

වෙළද නෞකාවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට අධි-බලැති පුපුරණ ද්‍රව්‍ය පිරවු බෝට්ටු අවස්ථා කීපයකදී භාවිතා කළ අතර එම බෝට්ටු සියල්ලම විනාශ කර දැමීමට අරාබි සන්ධන හමුදාවට අයත් නාවික හමුදාව සමත් විය.

විවිධ උපක්‍රම මගින් ගල්ෆ් කලාපයේ බලය වැඩි කරගැනීමට ඉරානය උත්සහ ද කරමින් සිටින බවත් පැහැදිලිවම ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්වලට අනුබල දෙන බව අද්මිරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS