ණය ගිවිසුම් දෙකක් අත්සන් කරයි



ඕමාන් රජය රියාල් මිලියන 113.6ක් වටිනා ණය ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

කුවේටය පදනම් කරගත් ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වන අරාබි අරමුදල සමඟ ගිවිසුම් දෙක අත්සන් කර ඇත.

ඩුක්ම් නගරයේ ඉදිකරමින් පවතින විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දෙවන අදියර සංවර්ධනය හා වැඩිදියුණු කිරීමට ඕමාන් රියාල් මිලියන 38ක මුදලක් ලබාගැනීම සඳහා පළමු ගිවිසුම අත්සන් කර ඇත.

ඕමාන් වැසියන්ට ඕමාන් නිවාස බැංකුව හරහා නිවාස ණය ලබාදීම සඳහා ඕමාන් රියාල් මිලියන 75.6ක් වටිනා දෙවන ගිවිසුම අත්සන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS