ඩොලර් ලක්ෂ 7 ක තෑග්ගක්



පලස්තීන ෆාටා පක්ෂයේ හිටපු සාමාජික 58 හැවිරිදි මොහොමද් දහ්ලාන් අත්අඩංගුවට ගැනීමට තොරතුරක් ලබා දෙන අයකුට ලීරා මිලියන 4 ක් (ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 7) ලබා දෙන බව තුර්කි රජය පවසයි.

මොහොමද් දහ්ලාන් මේ වනවිට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පිටුවහල් වී සිටින බව පැවැසෙයි. 2016 දී තුර්කි ජනාධිපති එර්දොවාන් බලයෙන් නෙරපා දැමීමට හමුදාව කළ අසාර්ථක කුමන්ත්‍රණයට මොහොමද් දහ්ලාන් සම්බන්ධ යැයි පැවැසෙයි. ඒ, කුලී හේවායකු වශයෙනි.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS