ඩොලර් 12,000 ක දඬ මුදලක්



ඊශ‍්‍රායලයේ ටෙල් අවීව් නුවර පැවැත්වීමට සැලැසුම් කළ සංගීත ප‍්‍රසංගයක් අවලංගු කළේ යැයි චෝදනාවලට වරදකරුවන් වූ නවසීලන්ත ගායක යුවලකට, ඊශ‍්‍රායල අධිකරණයක් ඇමෙරිකන් ඩොලර් 12,000 ක දඬ මුදලක් නියම කළ බව වාර්තා වේ.

දඬ මුදල නියම කරමින් අධිකරණය පෙන්වා දී ඇත්තේ, ප‍්‍රසංගය පවත්වන බව පවසා පසුව එය අවලංගු කිරීම මගින් ඊශ‍්‍රායලතරුණ තරුණියන් සිත් තැවුලට පත් වී, එමගින් මානසික බලපෑමක් ඇතිවුණු බවය.

දඬ මුදල නියම කෙරුණේ නවසීලන්ත ජනපි‍්‍රය ගායිකා ජස්ටින් සාෂ් සහ ගායිකා නාදියා අබු ෂන්බ්ටය. නාදියා අබු ෂන්බ් යනු ඊශ‍්‍රායල යුදෙව් ජාතික තරුණියක වීම ද විශේෂත්වයකි.

පසුගිය සිකුරාදා දිනයේ ලබා දුන් මෙම අධිකරණ තීන්දුව මොවුන් දෙදෙනා ප‍්‍රතික්ෂේප කළේය. ඔවුන් පැවැත්වීමට නියමිත ප‍්‍රසංගය නවත්වා ඇත්තේ ඊශ‍්‍රායලයෙන්  පලස්තීන වැසියන්ට එල්ල වන කෙණෙහිලිකම් හේතුවෙනි.

තම රසික රසිකාවියන්ට සිද්ධිය දන්වා, අන්තර් ජාලය හරහා මුදල් රැස් කිරීමට දෙදෙනා පියවර ගත් අතර ඊයේ (15) වෙද්දී, ඇමෙරිකන් ඩොලර් 23,000 ක මුදලක් ඔවුන්ට රැස් කර ගැනීමට හැකි වී ඇත.

‘අධිකරණය නියම කළ දඬ මුදල අප ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට අප එකතු කළ මුදල ගාසා තීරයේ පලස්තීන පිහිටුවා ඇති ‘මානසික සෞඛ්‍ය පදනම’ ට පරිත්‍යාග කරනවා. ඒ ඊශ‍්‍රායලය පලස්තීනුවන්ට නිරන්තරයෙන් සිදු කරන අසාධාරණකම්වලට අපේ විරෝධය දක්වමින්.’ යැයි ගායිකා ජස්ටින් සාෂ් සහ නාදියා අබු ෂන්බ්ට පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS