ඩුබායිහි මී පැණි උළෙලක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි මහ නගර සභාව විසින් දෙසැම්බර් මස 29 වැනිදා සිට 31 වන දින දක්වා මී පැණි ආශ්‍රිත නිෂ්පාදන සදහා උළෙලක් සංවිධානය කර ඇත. 

මෙම උළෙලේ ප්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා මී පැණි කර්මාන්ත සම්බන්ධ කර්මාන්තකරුවන් එකට එක්රැස් කරන ඔවුන් අතර මනා සම්බන්ධතාවයක් ඇතිකරමින් මීපැණි කර්මාතය දියුණු කිරීම සදහා කටයුතු කිරීමයි.

මෙවැනි උළෙලක් සංවිධනාය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ. 

මෙම උළෙලේදී විවිධ වර්ණයන්ගෙන් යුත් මීපැණි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් මිලට ගැනීමේ හැකියාවද පාරිභෝගිකයින්ට හිමිවේ. 
මෙම උළෙල සදහා මීපැණි නිෂ්පාදකයින් 25 දෙනෙකු සහභාගි වේ. 

ඒ වගේම උළලේදී මීමැසි කර්මාන්තකරුවන් සදහා ගුණාත්මක මීපැණි නිෂ්පාදනය කරන ආකාරය, නිෂ්පාදන සදහා හොද වෙළද පොලක් ගල්ෆ් කලාපයේ රටවල් අතර නිර්මාණය කරගන්නේ කෙසේද යන්න පිළිබද පිළිබද දැනුවත් කිරීම් සිදුකරනු ලබයි. 

මහනගර සභාව විසින් හාට ප්‍රෙද්ශයේ ජනතාව වෙත ලබාදෙන සේවාවන් ඉහල දැමීම සහ සංචාරක කර්මාන්තය සදහා අවශ්‍ය පහසුකම් වර්ධනය කිරීම, විනෝද ජනක ක්‍රීඩා වර්ධනය කිරීම සහ ප්‍රෙද්ශය සංවර්ධනය කිරීම යන පරමාර්ථයන් මෙම උළෙල පැවැත්වීමේ අරමුණ බව සහා මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හුසේන් නසීර් ලූතා පෙන්වා දුන්නේය. 

"මෙම ප්රදේශයේ ඇති ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම අවධානයක් යොමු කිරීමත්, හාත ප්රදේශය රටේ ජනතාව මෙන්ම විදේශිකයන් සඳහා පළමු පන්තියේ සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමත්, ඒ වගේම  ප්රදේශයේ ජනතාවට යහපත් නාගරික ජීවිතයකට අවශ්‍ය සියලු අංග සැපයීම බව“ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. 

 

(එමිරේටිස් 247 පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS