ඩුබායි-සාජා බෝට්ටු සේවයක්



ඩුබායි සහ සාජා නුවරවල් අතර බෝට්ටු සේවයක් ආරම්භ කරන බව බුබායි මාර්ගස්ථමඟී ප්‍රවාහන අධිකාරිය නිවේදනය කර ඇත.

මඟීන් ප්‍රවාහනය කිරීම සඳහා මෙවැනි සේවාවක් ආරම්භ කරන පළමු අවස්ථාව බව අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජනතාව අතර බෝට්ටු සේවය ජනප්‍රිය කිරීමටත්, පහසුවෙන් මඟීන් ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙන නිසා බෝට්ටු සේවාව ආරම්භ කිරීමට අධිකාරිය කටයුතු කරයි.

වසරකට මිලියන 1.3ක් හෝ ඊට වැඩි මඟීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කිරීමට අපේක්ෂා  කරයි.

නොමිලේවයි-ෆයි පහසුකම් ලබා දෙන අතර සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වල සෑම විනාඩි 30කට වරක්,පෙ.ව 05.00සිට පෙ.ව09.00 දක්වාත්,ප.ව04.00 සිට ප.ව 08.30 දක්වා බෝට්ටු සේවය ක්‍රියාත්මක කරයි.

ආබාධිත පුද්ගලයන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන් නොමිලේ ප්‍රවාහනය කරන අතර “Silver’’ පන්තියේ ගමන් කරන අයගෙන් ඩිරාම් 15ක්ද,“Gold’’ පන්තියේ ගමන් කරන අයගෙන් ඩිරාම් 25ක් මුදලක් අය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS