ඩුබායි සංචාරය අවසන්



ගල්ෆ් කලාපයේ සිය පළමු නිල සංචාරය අරඹමින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩායි සහ ඩුබායි පැමිණි ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊයේ (9) එම සංචාරය අවසන් කළේය.

මැක්රොන් සමඟ ඔහුගේ බිරිය ත්‍රොග්නෝව් ද මෙම සංචාරයට එක් වූවාය. දෙදෙනා අබුඩාබි පැමිණියේ පසුගිය 8 වැනිදාය.
ප්‍රංශ ජනපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාම් සහ ඩුබායි පාලකයෝ කටයුතු කළහ.

මැක්රොන් ඩුබායි වාණිජ මණ්ඩලයේ සභාපතිනිය මජීද් සයිෆ් අල් ගුරාරි සහ රීම් අල් හෂීමි හමුවුණු මැක්රොන් ආර්ථික ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ආර්ථික මණ්ඩලයකට මැක්රොන් සහභාගී විය.

ප්‍රංශයේ සුප්‍රසිද්ධ ලූව්ර කෞතුකාගාරයේ ශාඛාවක් අබුඩාබි නුවර විවෘත වුණු අතර, එය විවෘත කෙරුණේ මැක්රොන් අතිනි.

ජනපති මැක්රොන්, අබුඩාබියේ සහ ඩුබායි හි සිටින ප්‍රංශ වැසියන් හමුවුණු අතර එහිදී ප්‍රංශ තරුණියන් කිහිපදෙනකුගේ සෙල්ෆි ඡායාරූපවලට ද පෙනී සිටියේය.

අබුඩාබි හි ෂෙයික් සයාද් මුස්ලිම් පල්ලියේ සංචාරයකට ද මැක්රොන් සහ බිරිය එක් වූහ.

මැක්රොන්, අබුඩාඩි පිහිටි ප්‍රංශ හමුදා කඳවුරේ ද සංචාරය කළේය. එහි සිටින ප්‍රංශ සෙබළුන් හමු වී ඔවුන්ගේ සුවදුක් විමසීමට ද පියවර ගත්තේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS