ඩුබායි සංචාරකයන්ට විවෘත වෙයි



ඩුබායි නුවර සංචාරය කිරීම සඳහා විදේශ සංචාරකයන්ට ජුලී 07 දින සිට අවසර ලබාදෙන බව  ඩුබායි රාජ්‍ය මාධ්‍ය කාර්යාලය පවසනවා.

ඩුබායි නුවර සේවය කරන විදේශ ශ්‍රමිකයන්ට ඩුබායි නුවරට පැමිණීමට ජුනි 22 දින සිට අවසර ලබාදී ඇති බව මාධ්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

ඩුබායි නුවරට ඇතුළු වන සියළුම දෙනා කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට මෑතකදී ලබාගත් සහතිකය හෝ ඩුබායි ගුවන් තොටුපළට පැමිණි පසු කොරෝනා පරීක්ෂණවලට භාජනය වු බවට ලබාගත් සහතික ඉදිරිපත් කළ යුතු බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

2020 ජුනි 23 වන අඟහරුවාදා සිට එමිරේට්ස් ජාතිකයන්ට සහ විදේශ ශ්‍රමිකයන්ට විදෙස් ගත වීමට අවසර හිමි වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS