ඩුබායි වෙළඳසැල් රාත්‍රී 10 තෙක් විවෘතයි



ඩුබායි නුවර සුපිරි වෙළඳසැල් උදෑසන 06.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

සේවක සංඛ්‍යාව 70%ක් දක්වා වැඩි කරගැනීමට වෙළඳසැල් හිමියන්ට අවසර ලබාදී ඇති අතර, මීට පෙර සේවක සංඛ්‍යාව 30% පමණක් අවසර ලබා දී තිබුණි.

මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය රැකීම සහ සියළුම සේවකයන්ව දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාවලියක ලක් කළ යුතු බවට නියෝගයකින් අනිවාර්ය කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(කලීජ්ටයිම්ස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS