ඩුබායි මෙට්‍රෝ දුම්රිය වැඩ අරඹයි



ඩුබායි මෙට්‍රෝ දුම්රිය සේවය ජුමේයිරා ලේක් ටවර්ස්  සහ එමිරේට් හුවමාරු මධ්‍යස්ථානය යන දුම්රිය ස්ථාන දෙක අතර පැවති කාත්ෂණික දෝෂයක් හේතුවෙන් නතර කර දැමීමට එමිරේට්ස් මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය පියවර ගත් අතර තාක්ෂණික දෝෂය නිවැරදි කිරීමෙන් පසු නැවතත් මෙට්‍රෝ දුම්රිය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව අල්-බයන් පුවත්පත වාර්තා කළේය.

තාක්ෂණික දෝෂය හේතුවෙන් දුම්රිය මඟීන්ට සිදු වු අපහසුතාවය සම්බන්ධයෙන් එමිරේට්ස් මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය අයත් ට්විටර් සමාජ ජාල ගිණුම හරහා සමාව ඇයද සිටි බවඅල්-බයන් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS